අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

බට ඇටි කුකුළා

பச்சை அலகு செம்பகம்

Centropus chlororhynchos

අවදානමට ලක්විය හැකිආවේණික

බට ඇටි කුකුළා
Amila Tennakoon · CC BY 2.0

හැඳින්වීම

කඳුකරයේ මීටර් 1000 දක්වා පමණ ඉහළට සහ පහතරට තෙත් කලාපයේ මිටි උණ ශාක සහිත යටිරෝපණයන්ගෙන් යුතු වනාන්තර වල හමුවන ඇටිකුකුළා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින පක්‍ෂියෙකි. වර්තමානයේ මෙම පක්‍ෂියා දැනගත හැකි හොඳම ස්ථානය ලෙස වාර්ථා වන්නේ බෝධිනාගල වනාන්තරයයි. එසේම මෙහු සිංහරාජ වනාන්තරයේද වාසය කරයි. පෙනුමෙන් සාමාන්‍ය ඇටි කුකුළාට බෙහෙවින් සමාන වේ. නමුත් හොටය ලා කොළ පැහැතිය. තවද මොහුගේ පියාපත් වඩාත් අඳුරු රතු-දුඔුරු පැහැයක් ගනී. සිරුරේ සෙසු කොටස් කළු පැහැවන අතර හිසෙහි සහ ගෙලෙහි දම් පැහැ දිස්නයක් දක්නට ලැබේ. කුලෑටි වනවාසී කුරුල්ලෙකි. අභිජනනය කරන්නේ වසරේ මුල් කාලයේය. ඝණ වනාන්තරයේ කඳු සහිත පඳුරක බිම සිට මීටරයක් හෝ දෙකක් ඉහළින් තනා ඇති කැදැල්ල කෝටු කැබලි කුඩා අතු, මුල් සහ තණ කොළ වලින් සමන්විත ගෝලාකාර එකකි. වරකට සුදු පැහැති බිත්තර 2-3 ක් දමනු ලබයි.

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Green-billed coucal — CC BY-SA 4.0
  2. Wikipedia (SI): බට ඇටි කුකුළා — CC BY-SA 4.0
  3. Wikipedia (TA): பச்சை அலகு செம்பகம் — CC BY-SA 4.0