අන්තර්ගතයට යන්න
SriWild. ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

කළු කවුඩා

இரட்டைவால் குருவி Black Drongo

Dicrurus macrocercus

අවම අවධානය

කළු කවුඩා
Swardeepak · CC BY-SA 4.0

හැඳින්වීම

කළු පැහැති කවුඩා යනු කවුඩු පවුලට අයත් කළු පැහැති කවුඩා ආසියා තික පැසරියට අයත් කුරුල්ලෙකි. කවුඩා සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය දකුණු ආසියාවේ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන අතර නිරිත දිග ඉරානය ඇතුළුව ඉන්දියාව ට සහ නැගෙනහිර ලංකාව සිට දකුණු චීනය සහ ඉන්දුනීසියාව වැනි ප්‍රදේශ වල ද දැකිය හැක. සුවිශේෂී දෙබල් වලිගයක් සමඟ සම්පුර්ණ කළු පැහැති සිරුරක් හිමි සෙන්ටිමීටර 28 ක් දිගැති කළු පැහැති කවුඩා කුඩා සතුන් ගොදුරු කරගන්නා, නිතරම විවෳත කෳෂි බිම් වල සහ ලඳු කැලෑවන් වල, නිරවරණය නොවු කැපී පෙනෙන පක්ෂින් ලඟින ස්ථාන හෝ විදුලි කම්බි හෝ දුරකථන කම්බි වැනි ස්ථාන වල දැකිය හැක. මොවුන්, කපුටන් වැනි විශාල කුරුල්ලන් පවා මොවුන්ගේ වාස භූමි ආක්‍රමණය කරන විට කලහාකාරි හැසිරිමක් දක්වා පහරදීමට පසුබට නොවේ. මෙම හැසිරීම නිසාම "කාක රජු" ලෙස අන්වරථ නාමයක් ද පට බැදී ඇත. වෙනත් කුඩා කුරුල්ලන් ද නිතරම කළු කවුඩගේ කූඩුවට ආසන්න ප්‍රදේශයක සිය වාසස්ථාන සාදන්නේ හොදින් ආරක්ෂාවක් ලබා ගැනීමේ අරමුණෙන් යුතුවයි. අතීතයේ ඇමරිකානු දෙබල් වලිගයක් ඇති කවුඩා(පුලුටු හොටැති කවුඩා) ගේ උප විශේෂයක් ලෙස හැදින් වුවද, වර්තමානයේ වෙනම විශේෂයක් ලෙස කළු පැහැති කවුඩා හදුනා ගෙන ඇත. මොවුන් නිතර තනිව හෝ යුවලවල් ලෙස සැරිසරයි

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Black drongo — CC BY-SA 4.0
  2. Wikipedia (SI): කළු කවුඩා — CC BY-SA 4.0
  3. Wikipedia (TA): இரட்டைவால் குருவி — CC BY-SA 4.0